Friday, June 29, 2012

ඊළම ගැන කටමැත දෙඩවූ ශ්‍රීධරන්ගෙන් ප්‍රශ්න කෙරේ

ඊළම් රාජ්‍යය එකම ඉලක්‌කය බව ප්‍රකාශ කළ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ගෙන් රහස්‌ පොලිසිය ඊයේ (29 වැනිදා) පැය තුනක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ඇත.

ශ්‍රීධරන් මහතා විසින් ඉන්දියාවේදී පෝල් නිව්ටන් නමැති කොටි හිතවාදි මහාචාර්යවරයා සමග සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වමින් ඊළම එකම අරමුණ බවත් කොටි සංවිධානයේ හතළිස්‌ දහසක්‌ දිවි පිදූ බවත් පවසා තිබේ.

එසේම ද්‍රවිඩ ජාතිකයන් වෙනම රටක්‌ ගන්නා බවද එම මන්ත්‍රීවරයා එහිදී පවසා තිබූ බව අනාවරණය වී ඇත.

ශ්‍රීධරන් හිටපු යාපනය කොටි නායක තීපන්ගේ සමීපතම ඥතියෙකි.

No comments: