Friday, June 29, 2012

වව්නියාවේ ත්‍රස්‌ත බලය ඇදවැටීම

වව්නියාවේ සිර ගෙදර සිටින හිටපු කොටි ත්‍රස්‌ත නායකයන් ඇතුළු කොටි කණ්‌ඩායම විසින් බන්ධනාගාර නිලධාරීන්ව ප්‍රාණ ඇපයට ගැනීමේ සිද්ධිය විදේශ මාධ්‍ය විසින් වසන්කර ඇත.

විදේශ මාධ්‍ය ඒජන්තවරු හා කොටි වෙබ් අඩවිවලට තොරතුරු සපයන්නන් ඊයේ වව්නියාව සිරගෙය අසළ රැකසිටියේ හමුදාව හා පොලිසිය මේ අහිංසකයන්ට පහර දෙන්නේ කොයි අවස්‌ථාවේදැයි සිතමින් එසේම එන්. ජී. ඕ. නියෝජිතවරුන්ද පොලිසිය හා හමුදාව දේශපාලන සිරකරුවන්ට පහර දෙනු ඇතැයි සිතමින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට වාර්තා කිරීමට සූදානම්ව සිටි බව හෙලිවිය. එහෙත් ඊයේ දහවල් වන විට වව්නියාව සිරගෙදර කොටි බලය මර්දනය විය. ඒ වනවිට කොටි වෙබ් අඩවි නියෝජිතයෝ විදේශ රටවලට තොරතුරු යවමින් වව්නියාවේ සිරගෙදර සිටි ද්‍රවිඩයන්ට පහරදී ඇතැයි කියා සිටියහ.

වව්නියාවේදී සිදුවූයේ ත්‍රිකුණාමල කොටි හමුදා නායකයාව සිටි රුබන් කන්නන් ගුණදරන්ද, සෂි හා සරවනභවන්ද හිටපු ත්‍රස්‌තයකුව බූස්‌ස කඳවුරට ගෙනයැම සම්බන්ධව විරෝධ්‍ය දක්‌වමින් ඔහුව ආපසු වව්නියාවේ සිරගෙයට ගෙන ආ යුතු යෑයි දක්‌වමින් සිරගෙදර පාලනය අල්ලා ගැනීමයි.

බූස්‌ස සිරගෙයට ගෙනගිය මේ ත්‍රස්‌තයා 2006 මැයි 7 වැනිදා විල්පත්තුවේ සිදුවූ බිම්බෝම්බ ඇටවීමට සම්බන්ධ වූවෙකි.

මෙදින ගත්කරුවකු වන නිහාල් ද සිල්වා, ඩැරල් පෙරේරා, නන්දන අබේසූරිය, හෙන්රියා අබේසූරිය, චන්දි ආසිරිවාදන්, අනුලා ආසිරිවාදන් සහ අනුර දිසානායක යන පිරිස මරුමුවට පත් වූහ.

මොවුන් ගමන් කළ කැබ් රිය කොටි බෝම්බයකට ගොදුරු වූහ. වසර හයකට පසු එනම් 2012 ජනවාරි මස දිනෙක විල්පත්තු සිද්ධියට සම්බන්ධ කොටි ඝාතකයා අසුවිය.

මෙම ෙ€දවාචකයට ගොදුරු වූවන්ගෙන් නන්දන හා හෙන්රිටා විවාහ වී තිබුණේ මාස කීපයකට පෙරය.

කෙසේ වෙතත් 2006 මැයි 7 වැනිදා සිදුවූ මේ ඝාතනයේ සැකකරුවන් අසුවූයේ නැත. එහෙත් හය වසරකට පසු අල්ලාගත් ප්‍රධාන සැකකරු සම්බන්ධව තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වව්නියාව මහාධිකරණයෙන් අවසරය ගත් ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඔහුව බූස්‌සට ගෙන ගියහ.

වව්නියාවේ අරගලය ආරම්භ වූයේ එවිටය. වහාම අපේ සගයාව වව්නියාවට ගෙන එනු. නැත්නම් වැඩ වරදීවි යයි සිරගෙයි සිටි කොටි කණ්‌ඩායම කියා සිටියහ.

ඒ අතරේ වව්නියා සිරගෙදර කොටි උපවාසයක්‌ අරඹා ඇති බවටද කොටි වෙබ් අඩවි විසින් ප්‍රචාරය කෙරිණි.

වව්නියාව සිරගෙදරදී රැකවළුන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය බී. බී. සී. සේවාවට වැදගත් වූයේ නැත. ඒ වෙනුවට උතුරේ ද්‍රවිඩයන්ට හැදුනුම්පත් ලබාදී නැතැයි බී. බී. සී. ය විසින් ප්‍රචාරය කෙරිණි.

එසේම වව්නියාව සිරගෙයි අර්බුදය වව්නියාවේ සාමකාමී තත්ත්වයක්‌ පවතින බවටද කොළඹට ප්‍රචාරය විය.

මෙයට පෙර වව්නියාවේ සිරගෙදර සිටි පාලකයා දැඩි ලෙස ක්‍රියාකළ අතර ඔහු ඉවත්ව යැමෙන් පසු පාලනය දුර්වල විය. වව්නියාව සිරගෙදර ගතවූ කාලය තුළ තිබුණේ ඉතාම දුර්වල ආරක්‍ෂක තත්ත්වයකි. ඒ නිසාම හිටපු කොටි කණ්‌ඩායම බලවත්ව ක්‍රියාකර ඇත. එහෙත් මුල්වරට වව්නියාව සිරගෙදර කොටි බලය විශේෂ කාර්ය බළකාය පොලිසිය එක්‌ව මර්දනය කෙරිණි.

එහෙත් වව්නියාවේ සිටි කොටි 321 ක පිරිස සිතුවේ වව්නියාවේ ආරක්‍ෂක අංශ මෙන් රජයටද කොන්දක්‌ නැති බවයි. වව්නියාවේ සිරගෙදර කොටි පාලනයෙන් මුදාගැනීමේ මෙහෙයුම ඊයේ දහවල් සිදුවිය. එහිදී කොටින්ද තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

400 ක භටපිරිසක්‌ මේ මෙහෙයුමට එක්‌වූහ. කොටින් සමග ඇති වූ සටනින් භටයන් 9 කට ද කොටින් රැසකටද තුවාල සිදුවිණි

මේ මෙහෙයුමට පෙර සිරගෙදර විදුලිය හා ජලය කපා හැරිණි. කොටි ත්‍රස්‌තවාදීන් සිතුවේ එවන් දෙයක්‌ සිදුනොවන බවයි. එහෙත් කොටි සැලසුම ව්‍යර්ථ විය. උපවාසය කරන බව පැවසූ කොටි ආහාර ද්‍රව්‍ය ද රැස්‌කරගෙන සිටි බව හෙළිවිය.

මෙහිදී එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු සිතුවේ මෙයට පෙර මෙය රජයේ නිලධාරීන් හිටපු කොටි ත්‍රස්‌තයන්ට හිස නමන බවයි. එහෙත් ඉවසාගෙන සිටි ආරක්‍ෂක බලධාරීහු අවසාන නිගමනයට එළැබිණි.

සිදුවූයේ කුමක්‌ දැයි අදහා ගැනීමට පස්‌දෙනාගේ කොටි කණ්‌ඩායමටද නොහැකි විය.

පසුගිය 27 වැනිදා සවස හිටපු කොටි පාලනයට යටවී තිබූ වව්නියා සිරගෙය 29 වැනිදා දහවල් වන විට රජයේ පාලනයට නතුවිය.

මෙහිදී හෙළිවූයේ වව්නියාවේ කොටි හිතවාදීන් හිටපු කොටින්ට සහය වී ඇති බවයි. වව්නියාව යනු එසේ මෙසේ තැනක්‌ නොවේ.

වෙස්‌ මුහුණු දාගත් කොටි වව්නියාවේ සිටිති. මොවුන්ගේ බලයක්‌ නැත්නම් වව්නියාවේ සිරගෙදර සිටින කොටින්ට සිරගෙය අල්ලාගත නොහැක. අනියම් මාර්ග දක්‌වන අන්දමට මෙයට පෙර වව්නියාවේ සිරගෙයි කොටි රැකවලකුට පහරදුන්නේ ඔහු කොටියකු ළඟ තිබී ජංගම දුරකතනයක්‌ අත්අඩංගුවට ගැනීම නිසාය.

අවසානයේදී කොටි ඉල්ලීම් ඉටු කළත් අත්අඩංගුවට ගත් ජංගම දුරකතනය ආපසු දෙනු. වහාම රැකවලාව මාරු කරණු යෑයි ඔව්හු පැවැසූහ.

බලධාරීහු මෙම ඉල්ලීමට එකඟවී එකී ඉල්ලීම් දෙකම ඉටුකළහ.

ජිනීවාහිදී ශ්‍රී ලංකා රජයට එරෙහිව සම්මත වූ යෝජනාව නිසා හිටපු කොටි නායකයෝ දැඩිලෙස සතුටට පත් වූහ. දැන් රජයට අපට එරෙහිව මුකුත් කරන්න බැහැ යෑයි ඔව්හු අදහස්‌ කළහ.

මේ අතර ද්‍රවිඩ සංධානය විසින් මේ කොටි ත්‍රස්‌තයන්ව දේශපාලන සිරකරුවන් ලෙස නම් කර ඔවුන්ට නඩු පවරනු නැත්නම් නිදහස්‌ කරනු යෑයි කියමින් වැලිකඩ සිරගේ ඉදිරියේදී විරෝධතාවයක්‌ද පැවැත්වූහ.

එහෙත් ඝාතන රැසකට සම්බන්ධ කොටි නිදහස්‌ කළ යුතුද යන ප්‍රශ්නය රජය හමුවේ මතුවිය. ඒ අනුව කොටින්ට එරෙහිව නඩු ඇසීමට විශේෂ අධිකරණ කීපයක්‌ පිහිටුවීමට තීරණය විය.

මේ අතර මෙම සිද්ධියෙන් රජය වෙත චෝදනාවක්‌ එල්ල වීමට ඉඩ ඇත. එහෙත් ත්‍රස්‌තවාදීන්ගේ ඉල්ලීම්වලට ප්‍රජාතන්ත්‍රවාදී රජයක්‌ හිස නැමිය යුතුද?

රුසියාවේ ජනාධිපති පුටින් වරක්‌ පැවසුවේ ත්‍රස්‌තවාදීන් කිසිදු ඉල්ලීමක්‌ තමාවත් රජයවත් රුසියානු ජනතාවත් හිස නමන්නේ නැති බවයි.

වව්නියාවේ සිරගෙදර පාලනය සියතට ගත්තේ දරුණු කොටි කණ්‌ඩායමයි. ඔවුන් ඉල්ලීම වූයේ විල්පත්තු ඝාතනයට සම්බන්ධ ඝාතකයාව පරීක්‍ෂණවලින් බේරා ගැනීමයි. මේ නිසා පැහැදිලි වන්නේ නීතිය අවතක්‌සේරුවට ලක්‌කිරීමට කොටින් දැරූ උත්සාහයයි. මීට ඉඩ දිය යුතුද?

ලෝකයේ රටවල් කීපයක පසුගිය කාලයේ සිරගෙවල් වල ඇතිවූ කැරලි දෙස බලන විට ඉතාමත් බිහිසුණු අන්දමින් එම කැරලි මර්දනය කර තිබේ.

වව්නියාව සිරගෙයි කොටින්ද සැලසුම් කළේ විදේශ ක්‍රමවේදය බව පැහැදිලිය.

No comments: