"Myrmidons! My brothers of the sword! I would rather fight beside you than any army of thousands! Let no man forget how menacing we are, we are lions! Do you know what's waiting beyond that beach? Immortality! Take it! It's yours!"(Troy)
Friday, June 29, 2012
ශ්‍රී ලංකාව ඉන්දියාවේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි
පලාලි ගුවන්තොටුපළ නවීකරණය කිරීම සඳහා ඉන්දීය රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.
පලාලි ගුවන්තොටුපළ නවිකරණය කිරීම සිවිල් ගුවන්සේවා අධිකාරියට පැවරේ. පලාලි යනු හමුදාමය කේන්ද්‍රස්‌ථානයක්. එය ආරක්‍ෂක ක්‍රමවේදයන් මත ක්‍රියාත්මක වන ස්‌ථානයක් යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීයෙක් පැවසීය. කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්‌කරණය කිරීම ඉන්දියාව විසින් සිදු කරනු ලබයි. විශේෂයෙන් හමුදාමය ගුවන්තොටුපළක් නවීකරණය කිරීමට කිසිම රටක් වෙනත් රටකට දෙන්නේ නැතැයිද හෙතෙම පැවසීය.
ඉන්දීය ආරක්‍ෂක උපදේශක ජනපති හා
ගෝඨාභය සමඟ සාකච්ඡා
ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් මහතා ඊයේ (29 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
ආරක්‍ෂක ලේකම් සමඟÊපැවැති සාකච්ඡාවේදී මෙනන් මහතාගේ අවධානය යොමු වී ඇත්තේ ද්‍රවිඩ සන්ධානය විසින් එල්ල කළ උතුර හමුදාකරණයට ලක්‌ව ඇති බවට වූ චෝදනාවය.
මේ අතර උතුරේ සිටින හමුදා භට සංඛ්‍යාව 16,000 දක්‌වා අඩුකර ඇතැයි ද රජය මෙනන් මහතා වෙත පෙන්වා දී තිබේ.
එසේම ඊයේ සවස මෙනන් මහතා සහ ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත.
No comments:
Post a Comment